යන්නේ කොහේද මා
ඉන්නේ කොහේද මා
සන්තාපෙ වෙළිලා
සන්තෝසේ සිඳිලා
යන්නේ කොහේද මා
රැවටී දෙවේලේ
දැවටීල ආලේ ....//
කපටී ලියන්ගේ
බසටා මුළා වීලා
යන්නේ කොහේද මා
පිටතින් සුසිල් වූ
යටතින් දුසිල් වූ ....//
ඉතිරින්ගෙ මායා
දැලටා අසුවීලා
යන්නේ කොහේද මා
පෙන්නා බොරූ සෙනේ
දෙන්නාගෙ මීටරේ ...//
දන්නා ලියන්ගේ
ලොවටා සාපේ වුණා
යන්නේ කොහේද මා
ඉන්නේ කොහේද මා
සන්තාපෙ වෙළිලා
සන්තෝසේ සිඳිලා
යන්නේ කොහේද මා
ගායනය - ධර්මදාස වල්පොල
පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු
තනුව - ආර්. මුත්තුසාමි
සංගීතය - ආර්. මුත්තුසාමි
1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment