කෝමල ප්‍රේම සුදා
මගෙ රාණී වූ දා
කෝමල ප්‍රේම සුදා
මගෙ රාණී වූ දා
පෙම් ලෝකේ බාධා
සුන් වී යයි සෝකා
ඔබ වේ මාගේ ජීවේ ඉටු දේවතා
රූබර ප්‍රේම සුදා
මගෙ රාජා වූ දා
රූබර ප්‍රේම සුදා
මගෙ රාජා වූ දා
පෙම් ලෝකේ සාරා
සම්පත් දී නේකා
ඔබ වේ මාගේ ප්‍රේමේ සුර දේවයා
සැම දේ අන්ධකාර මා හටා ලෝ
සැම දේ අන්ධකාර මා හටා
පහනකි ප්‍රේමී ආලෝකේ හී //
සුදිලේ බැබැලේ //
බාලේ බැන්දා වු ආලේ
කෝමල ප්‍රේම සුදා
මගෙ රාණී වූ දා
පෙම් ලෝකේ බාධා
සුන් වී යයි සෝකා
ඔබ වේ මාගේ ජීවේ ඉටු දේවතා
රූබර ප්‍රේම සුදා
මගෙ රාජා වූ දා
පෙම් ලෝකේ සාරා
සම්පත් දී නේකා
ඔබ වේ මාගේ ප්‍රේමේ සුර දේවයා
පැවතී සෑමදාම මේ ලෙසා ලෝ
පැවතී සෑමදාම මේ ලෙසා
ඉර හඳ වාගේ ප්‍රේමාලෝකේ //
සුදිලේ බැබැලේ //
බාලේ බැන්දා වු ආලේ
කෝකිල රෑන ගිරා ගයනා සංගීතේ
සුමිහිරිතාවේ මතු වේ පෙම් සාමේ
සුදිලේ බැබැලේ //
බාලේ බැන්දා වු ආලේ
බාලේ බැන්දා වු ආලේ
ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු
තනුව - ආර්. මුත්තුසාමි
සංගීතය - ආර්. මුත්තුසාමි
1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment