Tuesday, April 9, 2019

නීල වර්ණ වන වදුලේ

නීල වර්ණ වන වදුලේ
කුරුලු ප්‍රේම ගී අතරේ
සයුරු සමිඳු වැළඳගන්න
පෙම් දිය දොළ ගලා හැලේ
පෙම් දිය දොළ ගලා හැලේ .....//

නන් මල් පිපි වනන්තරේ
රොන් වැගිරෙයි නිරන්තරේ
පෙමක මහිම පාන සුවඳ
කියයි පෙමක කතන්දරේ
කියයි පෙමක කතන්දරේ

නීල වර්ණ වන වදුලේ
කුරුලු ප්‍රේම ගී අතරේ
සයුරු සමිඳු වැළඳගන්න
පෙම් දිය දොළ ගලා හැලේ
පෙම් දිය දොළ ගලා හැලේ

ළඳේ නුඹේ තුරුල්ලේ
සදන සුපෙම් තොටිල්ලේ
මා සනහන කැළුම් ජලේ
පෙම් සඳරැස් මඬුල්ලේ
පෙම් සඳරැස් මඬුල්ලේ

නීල වර්ණ වන වදුලේ
කුරුලු ප්‍රේම ගී අතරේ
සයුරු සමිඳු වැළඳගන්න
පෙම් දිය දොළ ගලා හැලේ
පෙම් දිය දොළ ගලා හැලේ

මල් පිපිලා මල්සරාට මල් මංගල්ලේ
රොන් හැළිලා අපට යන්න මල් පියවිල්ලේ .////.

ගායනය - ටී.එම්. ජයරත්න
පද - තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: