Tuesday, April 9, 2019

ඔබ හා මෙමා අතිනත් අරන්

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා //

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැඟ ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
එක්වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත්
එක්වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා //

ගායනය - ටී.එම්. ජයරත්න
පද - විමලා රංජිනී පීරිස් *
තනුව - එච්.එම්. ජයවර්ධන
විමලා රංජිනී පීරිස් යන නම අන්වර්ථ නාමයකි. එනමින් මේ ගීය රචනා කළේ එවකට ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වූ රිජ්වේ තිලකරත්න මහතාය.

No comments: