Monday, April 8, 2019

මේ කතා මා නොකිවුව හින්දාදෝ

මේ කතා මා නොකිවුව හින්දාදෝ
ඈ සිතින් බැඳුණේ
මා ලියූ ගී නොදන්න හින්දාදෝ
ඈ මෙසේ බැඳුණේ

මා නුවන් දැලේ රැඳී
ඈ සිනා සැලුවේ
මේ වගේ මා පතා ආ ළඳුන්
වේදනා දුන්නේ

ආදරේ ගිලන්හලේ
මා රැඳී ඉන්නේ
මේ වගේ මා පතා ආ ළඳුන්
වේදනා දුන්නේ

මේ කතා මා නොකිවුව හින්දාදෝ
ඈ සිතින් බැඳුණේ
මා ලියූ ගී නොදන්න හින්දාදෝ
ඈ මෙසේ බැඳුණේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා දිහා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 1024)

No comments: