Monday, April 8, 2019

ළිඳක් ළඟ පෙම් රටා

ළිඳක් ළඟ පෙම් රටා
වැටක් ළඟ පෙම් කතා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

අතින් අත ළංවෙලා
පහන් තරු දැල්විලා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

වසන්තේ උපන්නේ ආදරේ මන්දිරෙන්
නුරා ගී ඇසෙන්නේ යෞවනේ ලෙන් දොරින්
පෙමින් උපන් යහළුවනේ
පෙමින් උපන්  යෙහෙළියනේ
ඔබේ පැතුම් වාසනා වේවා

ළිඳක් ළඟ පෙම් රටා
වැටක් ළඟ පෙම් කතා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

අතින් අත ළංවෙලා
පහන් තරු දැල්විලා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

අදින් හෝ හෙටින් හෝ පෙම් උදාන ළංවී
හදේ සෝ තැවුල් දුන් වේදනා තුරන් වී
සෙනේහයේ සිහිලැල්ලේ
සිනා කිකිණි ඕවිල්ලේ
ඔබේ පැතුම් වාසනා වේවා

ළිඳක් ළඟ පෙම් රටා
වැටක් ළඟ පෙම් කතා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

අතින් අත ළංවෙලා
පහන් තරු දැල්විලා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ප්‍රේමේ මායා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 1019)

No comments: