Monday, April 8, 2019

ප්‍රේමේ මායා හෝරාවේ

ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා
ආදරේ යාවුණා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

මා කාගේ කවුරුන්ද ඈ නෑ විමසුවේ
ඈ කාගේ කවුරුන් වුනත් ඉන්  කම් නැතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ

ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

මේ වාගේ ළංවූ කෙනෙක් නම් මේ ලොවේ
නෑ මාගේ මතකේ රැඳීලා ජීවිතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ

ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා
ආදරේ යාවුණා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ප්‍රේමේ මායා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 1019)

No comments: