රෑ චාරිකා
මේ ගීතිකා
මල් මාරුතේ
රන් සිහිනයයි
සඳ කින්නරාවෝ
සඳ විල් තටාකේ
අනුරාව දල්වනා මේ යාමයේ
නීලංගනේ රෑ හොරෙන්
අත්වැල් බැඳන් පියඹමූ
අඩවන් නුවන් පා
ඈ මා සමීපේ
උණුසුම් පෙමින් වෙලී හිඳිනා වෙලේ
පියපත් මවා පෙම් හැඟුම්
පියඹයි අපේ විජිතයේ
රෑ චාරිකා
මේ ගීතිකා
මල් මාරුතේ
රන් සිහිනයයි
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ප්‍රේමේ මායා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 1019)
No comments:
Post a Comment