Wednesday, August 14, 2019

කාංසියට මීගමු යනවා

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොනු කුර ගෙවුණා ...//

ආ ගමනක් නැත
ආපු කෙනෙක් නැත
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොන් කුර ගෙවුණා

පාළු ගෙයක දොර බින්දා
ගෙයි හිමියා ඇස බැන්දා
දිරූ වහල සිදුරු තුළින් විදුලිය ගෙතුළට ආවා //

ගෙයි කිසිවකු නැත
එතැනද කෙළවර ...//

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොනු කුර ගෙවුණා ...//

මන්දාරම් වැහි කුණාටු කන්ද කපා මතුවෙනවා
නින්දගමක් තෑගි දෙන්න මෙගොඩින් එතෙරට යනවා //

එහි කිසිවකු නැත
එතැනද කෙළවර ...//

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොනු කුර ගෙවුණා ...//

ආ ගමනක් නැත
ආපු කෙනෙක් නැත
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා

ගායනය - නාලිනී රණසිංහ
පද - රත්නසේ ඩයස්
තනුව - සරත් බාලසූරිය


Kaansiyata Meegamu Yanawa - Nalini Ranasinha

No comments: