Tuesday, August 20, 2019

සුව සෙත සලසනු පිණිස දැයේ

සුව සෙත සලසනු පිණිස දැයේ
ගත සිත වෙහෙසෙන දිවා රැයේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ ...//

රජ රට කටුසර වන්නිකරේ
මහවැලි දියවර ඇදෙනු පෙනේ

රජ රට කටුසර වන්නිකරේ
මහවැලි දියවර ඇදෙනු පෙනේ

මුඩු බිම් ජය බිම් වලට හැරේ
ආඩම්බර විය යුතුය දුවේ

සුව සෙත සලසනු පිණිස දැයේ
ගත සිත වෙහෙසෙන දිවා රැයේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ

කොත්මල ලුණුගම්වෙහෙර වගේ
ජලාශ තනවා සිහල බිමේ

කොත්මල ලුණුගම්වෙහෙර වගේ
ජලාශ තනවා සිහල බිමේ

ගොවියා සිහසුන තබන දිනේ
ඔබ ආඩම්බර වන්න පුතේ

සුව සෙත සලසනු පිණිස දැයේ
ගත සිත වෙහෙසෙන දිවා රැයේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ

තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ

ගායනය - නාලිනී රණසිංහ
පද -විලිකඩමුල්ලේ වික්‍රමසිංහ
තනුව - ටියුලින් ජයරත්න


Suwa Setha Salasanu Pinisa Deye - Nalini Ranasinha

No comments: