Tuesday, August 20, 2019

සත්කුළුපව් පෙළින් එහා එහා

සත්කුළුපව් පෙළින් එහා එහා
අනෝතප්ත විල අසබඩ ආලකමන්දාවක් වැනි පැතුම් විමානේ
කිරුළු දරන්නයි
පැතුම් විමානේ ...
කිරුළු දරන්නයි

විස්කම් දෙව් පුතු කැන්දා
මුතු කුඩ රන් රථය මවා
එහි නැඟ රැජිණියක් ලෙසින් ගමන් කරන්නයි //

සත්කුළුපව් පෙළින් එහා එහා
අනෝතප්ත විල අසබඩ ආලකමන්දාවක් වැනි පැතුම් විමානේ
කිරුළු දරන්නයි
පැතුම් විමානේ ...
කිරුළු දරන්නයි

සහම්පතී මහ බඹුගෙන්
රාජිණි පදවිය ලැබුවද
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ

ගායනය - නාලිනී රණසිංහ
පද - සරත් විමලවීර
තනුව - නාලිනී රණසිංහ


Sath Kulu Paw Pelin Eha - Nalini Ranasinha

No comments: