Monday, August 19, 2019

යසෝදරා දේවිය හා


යසෝදරා දේවිය හා
රාහුල පුතු වගෙයි සිතා
ඔබ හා මා ගැන සිතුවේ
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

වෙස්සන්තර වී ඉපදී
සේසත අඹු දරු දන්දී
පෙරුම් පුරා බුදුවූයේ
සව් සත හින්දයි
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

යසෝදරා දේවිය හා
රාහුල පුතු වගෙයි සිතා
ඔබ හා මා ගැන සිතුවේ
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

සිතින් කයින් හා වදනින්
පැතුම් රැහැන් රඹ තොරණින්
නිවන් පුරය වෙත යන මෙන්
උදේ හවා මම පුද දෙමි
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

ගායනය - නාලිනී රණසිංහ
පද - ගුණවතී දෙල්ගොල්ල
තනුව - නාලිනී රණසිංහ


Yasodara Deviya Ha - Nalini Ranasinha

No comments: