Monday, August 19, 2019

අර බලපන් නඟෝ


අර බලපන් නඟෝ
අර බලපන් නඟෝ
එහෙ බැලුවත් හිතේ ඇඳෙන
කොහෙ බැලුවත් හිතේ ඇඳෙන
නෑ හීනෙන්වත් නොදකින අර බලපන් නඟෝ
මාව කැන්දන් යන ඉලන්දාරියා
මාව කැන්දන් යන ඉලන්දාරියා

ඉහළ වෙලේ පැහෙන කරල්
රැලි සුළඟේ නඟන සුරල් ...//
ළඟදි මාව කැන්දන් යන වගයි කියන්නේ
අවුරුද්දේ අළුත් බතට එන්ට කියන්නේ
එන්ට කියන්නේ
එන්ට කියන්නේ

අර බලපන් නඟෝ
අර බලපන් නඟෝ
එහෙ බැලුවත් හිතේ ඇඳෙන
කොහෙ බැලුවත් හිතේ ඇඳෙන
නෑ හීනෙන්වත් නොදකින අර බලපන් නඟෝ
මාව කැන්දන් යන ඉලන්දාරියා
මාව කැන්දන් යන ඉලන්දාරියා

තල හේනේ පුංචි පැලේ
කවි සීපද ඇහෙන වෙලේ ...//
හොරෙන් හොරෙන් මගෙ හිත මට මොකද කියන්නේ
හඳ කුමරිගෙ හව්හරණින් යන්ට කියන්නේ
යන්ට කියන්නේ
යන්ට කියන්නේ
යන්ට කියන්නේ
යන්ට කියන්නේ

ගායනය - නාලිනී රණසිංහ
පද - ලයනල් හෙට්ටිආරච්චි
තනුව - නාලිනී රණසිංහ



Ara Balapan Nago - Nalini Ranasinha

No comments: