Sunday, April 5, 2015

කින්නරාවියේ

කින්නරාවියේ
මලක් නෙළා ගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

සුරංගනාවක්
සැන්දෑ අහසින්
මනාලියක් සේ පාවී එයි
සුවඳ අරන් ඉගිල්ලෙන්න
ආදරයේ ගිනිසිළුවක් වී

කින්නරාවියේ
මලක් නෙළා ගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

දුහුල් වලාවන්
සෙමින් සෙමින් විත්
වෙන්වී වෙන්වී නොපෙනී යයි
මගේ කඳුළ වාවගන්න
මා දුටුවේ හීනයක් තමයි

කින්නරාවියේ
මලක් නෙළා ගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - චන්න ජයනාත්
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: