Tuesday, May 19, 2015

අඳුර ඉකිබිඳින තුරු

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුළටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

පිවිතුරු පැන් බිඳකට මුතු කඳුළු වැටී
දෑඟිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
සාගරයක ආදර රැළි හිතට එබී
දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමි

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුළටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

මල් පෙති මත නැවුම් සුවඳ වැතිර හිඳී
මින්දදයින් මා බලන්න නිතර එති
හීනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් මිදුණා දුක සසර පිරී

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුළටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

ගායනය - නිරෝෂා විරාජිනී සහ අසංග ප්‍රියමන්ත පීරිස්
පද රචනය - චන්න ජයනාත්
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ

No comments: