Tuesday, May 19, 2015

සිත ඔබට මුවා වී

සිත ඔබට මුවා වී ඉකිබිඳිනා
ඔබ ඇය හා සිනා සී සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකි ගසමින් හඬන හැටි
සිත පෙමට මුලා වූ දා ඉදලා

සිත ඉවසන් නැ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඬුවත්
ඔබ පෙම් කර නැ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුලා වූ දා ඉදලා

සිත ඔබට මුවා වී ඉකිබිඳිනා
ඔබ ඇය හා සිනා සී සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකි ගසමින් හඬන හැටි
සිත පෙමට මුලා වූ දා ඉදලා

සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නැ ඔබ හමුවූවත්
ඔබ සමුගෙන නැ ඇය සැනසූවත්
ඔබ ඇයට ළඟා වූ දා ඉදලා

සිත ඔබට මුවා වී ඉකිබිඳිනා
ඔබ ඇය හා සිනා සී සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකි ගසමින් හඬන හැටි
සිත පෙමට මුලා වූ දා ඉදලා

ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - අරුණ කිත්සිරි
සංගීතය - සමන්ත පෙරේරා

No comments: