Monday, May 18, 2015

මල් ගොමු ගුමු ගුමු

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය අත පණවන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ගමේමැ පුහුලම් ඉදවන්නී
තුරුල් බවට වවුලන් ලන්නී
මෙතැන වවුලු පළවල් වෙන්නී
ගම් දරුවන් හට වැඩ වෙන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

මල්සර හට හී සපයන්නී
යොවුනන් සිත් ඉන් බැඳැලන්නී
දෙක දෙක එක් කැරැ ඈඳන්නී
නොමිලේ කපුකම් කරවන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

වෙන්වූවන් සිත කළඹන්නී
පරණ තරහ හැම යට ලන්නී
ආයෙත් එකමුතු කරවන්නී
පවුල් අවුල් විසඳාලන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ගායනය - සුනිල් සාන්ත සහ නාලිනී රණසිංහ
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත

පරෙවි ඉඟිනළුව වෙනුවෙන් නිර්මානය වූ ගීයකි. මේ ගීයේ කොටසක් පමණක් ගෙන කළ ගැයුමක් පණ්ඩිත් අමරදේවයන් විසින් ගයා ඇත. එහි තනුව සුනිල් සාන්තයන්ගේ තනුවෙන් වෙනස්ය. (අමරදේවයන් ගැයූ ගීය)


පරෙවි ඉඟිනළුවේ වූ, එහෙත් ඉදිරිපත් කෙරුණු ගීයේ ගායනය නොවූ කොටසක්ද පද වැලට ඇතුළත් ය.

එය පහත අයුරිනි.

කොල්ලන් කෙල්ලන් බැඳලන්නී
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරි බත උයවන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

දස දෙස සුවඳින් බැඳලන්නී
ගතට සිතට නව පණ දෙන්නී
කුඹුරට ආසිරි සලසන්නී
රට වටැ සොම්නස ගෙනැ යන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී


No comments: