Thursday, April 25, 2019

හරී හරී

හරී හරී
හා හා හරී හරී
තෑගී නම් කෝක වුනත් පිරියා
දෙන්නම්කෝ ලෝකෙ හරී
අවුරුද්දේ සිරියා ...//

ආදරයේ තියෙන හැටී පෙන්නාවී පාරෙදී
ගෙයි අස්සේ ඉස්සර නේ මේ කාලේ පාරෙදී ....//

මං පස්සේ මේ එන්නේ ඒක නිසා වෙන්නැතී

මං පස්සේ මේ එන්නේ ඒක නිසා වෙන්නැතී

තකදොං තකුඳ තෙතෙයි
තකදොං තකුඳ තෙතෙයි කියලා නටනවා
දෙන්නාගේ ආලෙ හරී කාරේ බඳිනවා

හරී හරී
හා හා හරී හරී
තෑගී නම් කෝක වුනත් පිරියා
දෙන්නම්කෝ ලෝකෙ හරී
අවුරුද්දේ සිරියා

කල් ගියෙ නෑ තාම අනේ මම නම් පොඩි එකා
උස යනවා මීට වඩා කෑවොත් බඩ පුරා ...//

උස ඕනේ නෑ ඔයාගෙ කරට කරයි ජෝඩුවේ
මාත් ඔහේ ඔයත් මෙහේ තේරුණාද යෝදියේ ....//
තේරුණාද යෝදියේ

එහෙනම් කිවුවා හරී
එහෙනම් කිවුවා හරී පාමු ආලෙ සිරියා
දෙන්නාගේ කාලෙ හරී කාරේ බඳිනවා

හරී හරී
හා හා හරී හරී
තෑගී නම් කෝක වුනත් පිරියා
දෙන්නම්කෝ ලෝකෙ හරී
අවුරුද්දේ සිරියා

හරී හරී
හා හා හරී හරී ...////

ගායනය - ලතා වල්පොල මග හර්බි සෙනෙවිරත්න
පද - හර්බි සෙනෙවිරත්න
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
ස්වතන්ත්‍ර නිර්මානයකි.

ලතා වල්පොල මහත්මිය සිනමාවට ගැයූ ප්‍රථම ගීය මෙය බව බොහෝ තැන් හී සඳහන් වේ. එහෙත් මා සිතන ආකාරයට එය මෙලෙස කීවොත් වඩා නිවැරදි යයි හඟිමි.
"එදා රෑ" චිත්‍රපටියට ලතා, ගී තුනකින් සම්මාදම් විය. එසේ හෙයින් ඈ චිත්‍රපටි පසුබිම් ගායනයට එක්වන්නේ "එදා රෑ" චිත්‍රපටියෙනි. එම චිත්‍රපටියට ඈ ගැයූ ගී තුනෙන් අහවල් එක තමයි ඈ ගැයූ මුල්ම චිත්‍රපටි ගීය යයි කීම එතරම් නිවැරදි ප්‍රකාශයක් නොවේ.
තවත් කරුණක් සිහිපත් කළ යුතුය. "එදා රෑ" රිදී තීරයේ මුල් වරට දිගහැරෙන්නේ 1953 පෙබරවාරි 14 වනදාය. 1953 මාර්තු 27 වැනිදා "ප්‍රේම තරඟය" චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි. "ප්‍රේම තරඟය" චිත්‍රපටියට ලතා, ගී හයක් ගැයුවාය. ඉහත කී චිත්‍රපටි දෙක එකම කාල සීමාවක නිෂ්පාදනය වෙමින් තිබුණ බව පැහැදිලිය. එසේ හෙයින් ලතා වල්පොල මහත්මිය, ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගී මුලින් ගායනා කළා වන්නට ද පුළුවන. ඉතින් වඩාත් සාධාරණ ප්‍රකාශය විය යුත්තේ ලතා වල්පොල මහත්මියගේ ප්‍රථම සිනමා පසුබිම් ගායනය, "එදා රෑ" චිත්‍රපටිය සඳහා වූ බවයි.

No comments: