Monday, June 1, 2020

මා සිත තුළ ගී ගයනා


මා සිත තුළ ගී ගයනා වසන්තය නුඹයි
වසන්තයේ පිපී වැනෙන සුවඳ මල නුඹයි ....//

මගේ නෙතේ සදා ඇඳෙන සොඳුරු වර්ණ දේදුන්නකි //
දේදුන්නේ පාට අයිති නුඹේ දෑසටයි

මා හදවත අවදි කරණ මියුරු මියැසි රාවයයි //
ඒ මියැසිය හඬවන තත් නුඹේ දෙතොළගයි

මා සිත තුළ ගී ගයනා වසන්තය නුඹයි
වසන්තයේ පිපී වැනෙන සුවඳ මල නුඹයි ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - චාමර විජේසිංහ
තනුව - නාලක අංජන කුමාර

No comments: