Monday, June 1, 2020

මේ අඩ සඳම නොවෙද


මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ ....//

මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා //
මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා
නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා
මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා

මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ

රිය සක ලෙස පෙර පින පව අප පසුපස ආවේ නම් //
මේ විරසකයක් වෙලා මොටද පෙර පෙම් කෙරුවානම්
රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම්
හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මං

මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ ....//
මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සුරම්‍යා මාපිටිය
තනුව - නන්දසේන කටුවාවල



2003 වසරේදී එළි දැක්වුණු "අළු පාට හැන්දෑව" සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.

No comments: