Monday, June 1, 2020

වසන්තය ඇවිදින්

වසන්තය ඇවිදින්
මටත් හොරැහින් සිත් මල් පිපිලා
හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්

ගිලාන වූ හද සෝ ළතැවුල් පිස
ඔබේම ඇසුරින් සුවපත් වූදා

නොනිමි සෙනෙහසෙන් සිත උතුරා යයි
ජීවිතයේ නව පැතුම් සොයා

වසන්තය ඇවිදින්
මටත් හොරැහින් සිත් මල් පිපිලා
හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්

අඳුරට හුරු මුදු මගේ දැවුණු සිත
ඔබේ වදනකිනි සැනසුම ලැබුවේ

වියැකී යන්නට ඉඩක් නොදී යළි
සුරකිමි ඔබ මා හද රඳවා

වසන්තය ඇවිදින්
මටත් හොරැහින් සිත් මල් පිපිලා
හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ඉන්ද්‍රසිරි සුරවීර
තනුව - කරුණාරත්න විජේවර්ධන

No comments: