ගොයම් පැසීලා කුඹුරේ
රන්වන් කරල් නැමීලා දිලේ
හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ
ලස්සන කියා කියා
කිරි කොක් රෑන ගියා
බඩ බිම තියා තියා
යනවා යනවා කබරගොයා
මනමාලියේ වෙලේ පිළිහුඩු හාමිනේ //
මට තේරුණා බැලූ කාරණේ //
ගොයම් පැසීලා කුඹුරේ
රන්වන් කරල් නැමීලා දිලේ
හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ
දිය දම දමා මෙසේ
සොලවමි දෑත යසේ දෑත යසේ
හෝ හෝ අරුමය දැනේ බතේ
වැඩ කෙරුවාම හිතේ
වැඩ කෙරුවාම හිතේ
මගෙ කවි පදට හනික
විඩා නිවා සුළං හමයි
කට සෙලවීමට හැකි
අත සෙලවූවොතින් තමයි
රන්වන් කරල් නැමීලා දිලේ
හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ
ගොයම් පැසීලා කුඹුරේ
රන්වන් කරල් නැමීලා දිලේ
හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ
ගායනය - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර
1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment