Wednesday, July 1, 2020

දුරකථනයකින් මම ඔබ අමතමි

දුරකථනයකින්
මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා

මගෙ හිත හඳුනන
ඔබ පිළිගත්තද
ඇතැමුන් කියන මුසා

සයුරට රළ මෙන් වෙරළට රැලි මෙන්
අප බැඳිලා උන්නේ
තොටුපොල හැර යන නෞකාවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි මගෙ මුල් ගීතයෙ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙණ
පසුපස පිය මැන්නා

ඔබමයි ආවේ ඔබමයි යන්නේ
මා එතැනම එහෙමයි
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
මගෙ සතුටද එයමයි

දුරකථනයකින්
මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා

මගෙ හිත හඳුනන
ඔබ පිළිගත්තද
ඇතැමුන් කියන මුසා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - මෙල්රෝයි ධර්මරත්න
තනුව හා සංගීතය - මෙල්රෝයි ධර්මරත්න

නව ගායනයක්


මුල් ගායනය (නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්, මගෙ සතුටද එයමයි - යන තැනින් ගීය නිමයි.)


Song - Durakathanayakin
Lyricist - Melroy Dharmarathna
Composer - Melroy Dharmarathna

No comments: