Wednesday, July 1, 2020

ආයුබෝවන් තුෂාරා

දෑස දෑසින් මුදා
දෑත දෑතින් මුදා
ඈත යමු යන්න යළි හමු නොවී

ආයුබෝවන් තුෂාරා
ආයුබෝවන් තුෂාරා .....//

එදා අතීතයේ අප හමුවූ පිනිබර උදයේ
සදා බැඳී සිතේ සමනොළ සිතිවිලි සැණකෙළියේ ...//

දෑස දෑසේ වෙලී රහස කී ආදරේ //
ඈත සිතිජේ පෙනේ මායාව සේ

ආයුබෝවන් තුෂාරා
ආයුබෝවන් තුෂාරා .....//

පෙමේ නදී තෙරේ සමීපවූ මල් යෞවනියේ
අපේ සිතුම් පැතුම් අහසයි පොළවයි දුර විලසේ ....//
ඔබ ඔබගේ ලොවේ මා මාගේ ලොවේ //
ඈත සිතිජේ පෙනේ මායාව සේ

ආයුබෝවන් තුෂාරා
ආයුබෝවන් තුෂාරා .....////.

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - මෙල්රෝයි ධර්මරත්න
තනුව හා සංගීතය - මෙල්රෝයි ධර්මරත්න


Song - Ayubowan Thushara
Singer - H.R. Jothipala
Lyricist - Melroy Dharmarathna
Composer - Melroy Dharmarathna

No comments: