Wednesday, July 1, 2020

පිපි මල් විල මෙන්


පිපි මල් විල මෙන් හිත ලස්සන
දෙතොලෙන් හසකැන් වැසි වස්සන
නළවාලු මා ඔන්චිල්ලේ
හඳපාන වැනි රන් සියුමැල්ලේ ....//
පිපි මල් විල මෙන් හිත ලස්සන

වසන්තයෙ මාගෙ ජීවිතයේ
ඔබයි ප්‍රිය චාරුදේහිනියේ
හෙටක් ඇති බැව් මටත් මෙ ලොවේ
ඔබෙනි අවබෝධ වී ඇත්තේ ....//

පිපි මල් විල මෙන් හිත ලස්සන
දෙතොලෙන් හසකැන් වැසි වස්සන

අතීතේ පාවෙලා යද්දෙන්
සෙමෙන් ඔබ එන්න එය මැද්දෙන්
ඔබේ නිලුපුල් නුවන් අතරේ
නුහුරු දෙලොවක් පෙනේ සොඳුරේ ....//

පිපි මල් විල මෙන් හිත ලස්සන
දෙතොලෙන් හසකැන් වැසි වස්සන ....////.

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ. රොක්සාමි

මේ ගීය නිර්මාණය වෙන්නේ නවසිය හැට ගණන් වලදි. හින්දි ගී අනුකරණ වැහි වෑහුණු සමයක බිහිවූ මෙම ගීය ගැන තොරතුරු සොයා යාමේදී මෙය ද අනුකාරක ගීයක් දැයි යන කුකුස මා තුළ ඇති වූවා. එහෙත් ගීය සම්බන්ධයෙන් ලද තොරතුරු ඔස්සේ මට එය ට පිළිතුරු ලැබුණේ නෑ.

Song - Pipi Mal Vila Men
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Music - M.K. Rocksamy

No comments: