Wednesday, July 1, 2020

මල් පිබිදෙන එක වසන්ත සමයක

මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවෙ දයා

උදේ රැයින් සිසිල අරන්
මලින් මල්ට රොන් බඹරු ගියා
මගේ පැතුම් හදේ සිතුම්
එදා සුසුම් වී සිඳිලා ගියා

හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා

මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවෙ දයා

ඔබේ සිනා නෙතින් ගෙනා
මගේ හදේ තුරුළට ගනිමී
මගේ ලොවේ සැදූ සුවේ
සසර වසන තුරු මම රකිමි

හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා

මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මඟ බලා උනිමි මම
ඇයි තව නාවෙ දයා ////.

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන



Song - Mal Pibidena Eka Wasantha Samayaka
Singer - H.R. Jothipala
Lyricist - Clarence Wijewardana
Composer - Clarence Wijewardana

No comments: