Thursday, July 2, 2020

සඳට මුවාවෙලා ගියත්

සඳට මුවාවෙලා ගියත්
ඉරට මුවාවෙලා ගියත්
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න

අහසේ නිල් වියන යටින්
දෙරණේ පාවඩය පිටින්
පබාතයේ ළහිරු විලස හිනැහි හිනැහි යන්න
පබාතයේ ළහිරු විලස හිනැහි හිනැහි යන්න
පබාතයේ ළහිරු විලස හිනැහි හිනැහි යන්න

සඳට මුවාවෙලා ගියත්
ඉරට මුවාවෙලා ගියත්
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න

සත් ගිරි කුළු පසු කරමින්
සත් සමුදුර මඟ ගෙවමින්
පියා සලන ළිහිණියෙකුසෙ ඉගිලී එළඹෙන්න
පියා සලන ළිහිණියෙකුසෙ ඉගිලී එළඹෙන්න
පියා සලන ළිහිණියෙකුසෙ ඉගිලී එළඹෙන්න

සඳට මුවාවෙලා ගියත්
ඉරට මුවාවෙලා ගියත්
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න
මගේ සිතට මුවාවෙලා ඔබට බැරිය යන්න

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

මුල් ගීය



පසු කලෙක ගායනයක්



Song - Sandata Muwawela Giyath
Singer - H.R. Jothipala
Lyricist - Clarence Wijewardana
Composer - Clarence Wijewardana

No comments: