Thursday, July 2, 2020

මා පෙර සසරේ පැතූ පැතුම්

මා පෙර සසරේ පැතූ පැතුම්
මා මෙම සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමුවිය යුතුයි කියා

පෙර දවසක මා මලක්‌ පුදා
පෙර දවසක පහනක්‌ දල්වා
දන්නවාද කළ ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

නිහඬ රැයක
මාගෙ පැලේ තනිවී
සිතිවිලි යහනේ නොනිදා සැතපී
සිහිනෙන් ඇවිදින් මා හමුවන්නට
ඔබට කළෙමි ආයාචනා

එවන් රැයේ
මාගෙ පැලේ තනිවී
ඔබ ගැන සිතමින් නොනිදා සිටිමී
හැබැහින් ඇවිදින් මා හමුවන්නට
ඔබට කළෙමි ආරාධනා

මා පෙර සසරේ පැතූ පැතුම්
මා මෙම සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමුවිය යුතුයි කියා

පෙර දවසක මා මලක්‌ පුදා
පෙර දවසක පහනක්‌ දල්වා
දන්නවාද කළ ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

මලක්‌ කඩා
මා දෝතට දුන්නා
එමල පුදාලා මොනවද පැතුවේ
මේ සසරේ මෙන්
මතු සසරේදිත්
ඔබ මට හමුවිය යුතුය කියා

මා පෙර සසරේ පැතූ පැතුම්
මා මෙම සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමුවිය යුතුයි කියා

පෙර දවසක මා මලක්‌ පුදා
පෙර දවසක පහනක්‌ දල්වා
දන්නවාද කළ ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - සුපර් ගෝල්ඩන් චයිම්ස්
චිත්‍රය Deepa Vedpathak ගේ නිර්මාණයකි.



Song – Ma Pera Sasare
Singer(s) - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist – Dharmasiri Gamage
Composer – Clarence Wijewardana

Music – Super Golden Chimes

මේ ගීය ගැන බොහෝ තැන් වල ඇත්තේ වැරදි තොරතුරු. මෙහි සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස් මහතාගේ බවට වන සඳහන සාවද්‍යයි. 1992 දී නිෂ්පාදනය වූ "මල්සර දෝණි" සිනමා කෘතියේ මේ ගීයට සනත් ගුණතිලක හා ගීතා කුමාරසිංහ රංගනයක යෙදෙනවා. එම චිත්‍රපටියට සංගීතය අධ්‍යක්ෂණය කළේ සරත් ද අල්විස්. ඔබ දන්නවා 1992 වසර වන විට එච්.ආර්. ජෝතිපාල මහතා මෙලොවින් සමුගෙන හමාරයි.
මේ ගීය නිර්මාණය වූයේ 1976 දී. ඒ "වැස්ස ළඟයි" EP තැටිය සඳහා.
මෙහි ඉදිරිපත් කළ ගීය එදා 1976 දී ගැයූ මුල් ගීය නොවේ. මුල් ගීය 1976 දී නිකුත්වූ "වැස්ස ළඟයි" EP තැටියේ අන්තර්ගතයි. මා සතුව එය නැති නිසායි මුල් ගීය ඉදිරිපත් කළ නොහැක්කේ. කවරෙකු හෝ සතුව "වැස්ස ළඟයි" EP තැටිය ඇත්නම් එහි ඇතුළත් ගී හතර ලබා දෙන ලෙස ඉල්ලීමක් කරනවා.

No comments: