සීත උදේ පිපි මල්
නන් පාට වලින් සැදිලා
හිරු ඈත ලොවින් පිබිදී එන්නට පෙර
එන්නෙමි ඔබ සොයලා
ඊයෙ උදේ බැලුවා සොයලා
ඇයි සැඟවී සිටියේ
පිණි වේලෙනකන් සිරි නරඹන්නම්
ඉන්පසු පැණි බොන්නම්
සීත උදේ පිපි මල්
නන් පාට වලින් සැදිලා
හිරු ඈත ලොවින් පිබිදී එන්නට පෙර
එන්නෙමි ඔබ සොයලා
ඈත ගසක රතු පාට මලක් ඇත
මම නැහැ එහෙ යන්නේ
හිරු තාපෙ වැදී පැණි බේරෙනවා
නැවතත් හෙට එන්නෙම්
සීත උදේ පිපි මල්
නන් පාට වලින් සැදිලා
හිරු ඈත ලොවින් පිබිදී එන්නට පෙර
එන්නෙමි ඔබ සොයලා
ගායනය - මූන්ස්ටෝන්ස්
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
"මූන්ස්ටෝන්ස්" කණ්ඩායමේ ප්‍රථම EP
තැටිය වූ "Musical Gems of Ceylon" (EP Philips / JVPC 1007) හී ගීයකි.
මෙහි පද මුල් ගීය අනුවයි.
No comments:
Post a Comment