සිංහල චිත්‍රපටි ගීත

Saturday, January 26, 2019

අපෙ නැන්දගෙ කොට හිරමණෙ




අපෙ නැන්දගෙ කොට හිරමණෙ
ජින්ජි බරස් බරස් බරස්
අපෙ නැන්දගෙ කොට හිරමණෙ
ජින්ජි බරස් බරස් බරස්

ජුවන්ට අඬ ගසාලා
ගස මුදුනට යවාලා ....//

පොල් ගෙඩියක් කඩාලා
ඒක උලේ ගසාලා ....//

අපෙ නැන්දගෙ කොට හිරමණෙ
ජින්ජි බරස් බරස් බරස්
අපෙ නැන්දගෙ කොට හිරමණෙ
ජින්ජි බරස් බරස් බරස්

පොලේ ලෙල්ල අරින්නේ
මුඩ්ඩ කඩා දමන්නේ ....//

ගෙඩිය දෙකට බිදින්නේ
ඉන් බෑයක් ගාන්නේ ...//

අපෙ නැන්දගෙ කොට හිරමණෙ
ජින්ජි බරස් බරස් බරස්
අපෙ නැන්දගෙ කොට හිරමණෙ
ජින්ජි බරස් බරස් බරස්


දෑතින් තද කරන්නම්
මිටි කිරි ටික පෙරන්නම් ...//

පත් කොළයක දමන්නම්
පොල් කුඩු විසි කරන්නම් ...//

මිටි කිරි ටික දමන්නම්
භාජනයක පිහන්නම් ....//

බත් පිගාන බෙදන්නම්
නගාට මගෙ කවන්නම් ...//

අපෙ නැන්දගෙ කොට හිරමණෙ
ජින්ජි බරස් බරස් බරස්
අපෙ නැන්දගෙ කොට හිරමණෙ
ජින්ජි බරස් බරස් බරස් ...////

ගායනය - සජානක ලියනගේ සහ ළමා පිරිස
 

පැරණි මුළුතැන් ගෙයක පින්තූරය roar media වෙතිනි.

No comments:

Post a Comment