කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ....//
ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩියක් මහලා ඕනද ....//
කොස් කොළයක් මෙහෙ අරගෙන ආවොත්
රැලි රැලි කපලා
ඔපනැලි තියලා
ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ....//
ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩියක් මහලා ඕනද ....//
කූරටු ඉඳිකටුවෙන් හිල් විදලා
ලේන්සු පොඩියක්
මල් මල් සායක්
කොස් කොළ රෙද්දෙන් මහලා දෙන්නම්
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ....//
ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩියක් මහලා ඕනද ....//
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ....//
ගායනය - එල්සි රොද්රිගෝ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක
No comments:
Post a Comment