මේ මුදු ගහ කොළ
මේ නිල් ඇළ දොළ
කඳු යායම හැරදා
ආයෙත් දුරු රට යන්නට වෙනවා
නිවාඩුවට අත්තටු ලැබිලා
ඉර හිනැහෙන විට
සඳ පායන කොට
මගේ රටේ තුරු වියන මැදින්
කොතරම් ලස්සණද මගේ ගම් දොර
නිවාඩුවට නෑ තේරෙන්නේ
මේ මුදු ගහ කොළ
මේ නිල් ඇළ දොළ
කඳු යායම හැරදා
ආයෙත් දුරු රට යන්නට වෙනවා
නිවාඩුවට අත්තටු ලැබිලා
අත්තම්මාගේ රස බත් කටකට
නිදියන තුරු රස පුංචි කතන්දර
කොතරම් දුක් වෙනවද මගෙ පොඩි
හිත
නිවාඩුවට නෑ තේරෙන්නේ
මේ මුදු ගහ කොළ
මේ නිල් ඇළ දොළ
කඳු යායම හැරදා
ආයෙත් දුරු රට යන්නට වෙනවා
නිවාඩුවට අත්තටු ලැබිලා
ගායනය - සසංගී
දිසානායක,
පද රචනය -
සමන් වෙලගෙදර
තනුව - සමන්ත පෙරේරා
No comments:
Post a Comment