සිංහල චිත්‍රපටි ගීත

Thursday, February 7, 2019

පුංචි කාලේ මුහුදු වැල්ලේ

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා

මතකයි ඔබ මට දුන් තාලේ
සුදු නංගි මගෙ සුනිලා ...//

ඇයි ඔබ මා හා දැන් අමනාපෙන්
පොඩි අයියා විහිළු කළේ
මේ බෝනික්කා ඔබට ගෙනාවේ
අරගන්න ඉතින් ඇයි ඔබ කඳුළු සලන්නේ //

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා

මතකයි ඔබ මට දුන් තාලේ
සුදු නංගි මගෙ සුනිලා ...//

නංගිට වෙරළු මසං ජමනාරං
ගෙන එන්නම් පහළ කැලෙන්
ආදර නංගි සුදෝ ඔබ නාඩන්
මා දෙස බලලා ඔය සිඟිති මුවින් හිනැහීයන් //

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා

මතකයි ඔබ මට දුන් තාලේ
සුදු නංගි මගෙ සුනිලා ...//

ගායනය - සිඩ්නි ටිගල
පද - උපාලි අත්තනායක
සංගීතය - බී.එස්. පෙරේරා

ගීයේ තනුව 1957 දී ටෝනි බ්රෙන්ට් ගැයූ Deep within me නම් ගීයෙන් උපුටා ගෙන ඇත.




මෑත කාලයේ අප වඩාත් අසා ඇති ගීයේ පද

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා
මතකයි ඔබ මට දුන් තාලේ
බෙලි කට්ටකට බෙදලා //

කෝ අද නම් නෑ ඔබ මේ වැල්ලේ 
තනිවයි මා පසු වන්නේ
කාටද දැන් ඔබ මා පෙම්බරියේ
පෙම් බස් කියමින් කාවද දැන් සනසන්නේ

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා
මතකයි ඔබ මට දුන් තාලේ
බෙලි කට්ටකට බෙදලා ...//

ආ ඔබ දැන් නම් සිරිකත වාගේ
ලස්සන වෙන්න ඇති
මේ හාදුව පා කර මුදු සුළඟේ
ඔබ වෙත එවමී
මා හද දිනු සුරතලියේ

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා
මතකයි ඔබ මට දුන් තාලේ
බෙලි කට්ටකට බෙදලා ...//

පසුව පද වෙනස් කර ගැයූ ගීය (මෙහි හඬ තත්වයන් ඉතාම දුර්වලය. )


ටෝනි බ්රෙන්ට් ගැයූ ගීය


No comments:

Post a Comment