සිංහල චිත්‍රපටි ගීත

Sunday, March 3, 2019

මාලෙ සදාගෙන ඕළු මලෙන්

Male Sadagena Olu Malen

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

කවදද කටුමැටි පැලක් තනන්නේ
කවදද අටු කොටු පුරවා ගන්නේ
කවදද රන්වන් කරල් කැපෙන්නේ //
එදාට මැණිකව පැලට ගෙනෙන්නේ //

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

දාවලෙ ඇඹුලත් ඇයයි ගෙනෙන්නේ
එය ඇගෙ දෑතින් පිළියෙල වෙන්නේ
කවදද මගෙ පැලෙ බතක් පිසෙන්නේ //
එදාට මැණිකා පැලේ සිටින්නේ //

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

ඈ මා හැර වෙන කෙනෙක් පතන්නෑ
මම මගෙ වචනය වෙනස් කරන්නෑ
නිල්වන් ගොයමට මෙය තේරෙන්නෑ //
හනිකට හනිකට කරල් පැසෙන්නෑ //

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments:

Post a Comment