සිංහල චිත්‍රපටි ගීත

Friday, March 8, 2019

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි පිය කතේ
සාගරේ රැලි වගේ ආදරේ පිරී
වැලි අතරේ යාවී කිඳී //
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ

ඊයේ ඔබ හමුවුණා අවන්හල තුළේ
හෙට ඔබ මට මුණගැසේ උයන් සෙවනතේ //
හමුවීමත් ආදරය නොවේ
ආදරයත් හමුවීම නොවේ
වැලි අතරේ යාවී කිඳී //

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි පිය කතේ

දවසක් මම වැලපුණා අන් ලඳක් නිසා
නැවතත් මම හිනැහුණා ඔබ ගැනත් සිතා //
සැනසීමත් සීමිතයි සිතේ
සීමිත දේ සැනසුමයි සිතේ
වැලි අතරේ යාවී කිඳී //

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි පිය කතේ
සාගරේ රැලි වගේ ආදරේ පිරී
වැලි අතරේ යාවී කිඳී ////.

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ප්‍රියා සූරියසේන

No comments:

Post a Comment