සිංහල චිත්‍රපටි ගීත

Sunday, May 12, 2019

ඇයි අනේ වේදනා

ඇයි අනේ වේදනා
මා හර්දයේහි සෑමදා
මා හර්දයේහි සෑමදා ...//
ඇයි අනේ වේදනා

හෝ.... ඔඕ.. ඔඔඕ.. ඔඕ..

ප්‍රේමේට ඇයිද වෙෙරෙ මේ
මෙ ලෝකයාගෙ හර්දයේ ....//

ආ ශෝකයේහි හී තලේ
වැදීල හර්දෙ යයි පැළී
මගේ ප්‍රියේ ඔබේ නමින්
මේ ජීවිතේ පුදන්නෙමී

ඇයි අනේ වේදනා

හෝ.... ඔඕ.. ඔඕ.. ඔඔඕ..

මාගේ අනාථ ජීවිතේ
පාවේවි ශෝක සාගරේ ...//

ප්‍රේමේ පරාදෙ මාගෙ මේ
කාගේ සැපේ නිසාද ඒ
මගේ සුදෝ ඔබේ නමින්
මේ ජීවිතේ පුදන්නෙමී

ඇයි අනේ වේදනා
මා හර්දයේහි සෑමදා
මා හර්දයේහි සෑමදා ...//
ඇයි අනේ වේදනා

ගායනය - ලතා වල්පොල
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - වී. ක්‍රිෂ්ණමූර්ති
1958 දී තිරගතවූ "සේපාලි" චිත්‍රපටියේ ගීයකි.

ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.

No comments:

Post a Comment