සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්රී ...//
සුදු කෞමද මල් පිබිදෙන්නා
සොමි කාන්ති රශ්මී වැදීලා ...//
සිත පිරියා කරවන්නේ
මේ සිරියා හඳපානේ ...//
ලොව සැම තැන කිරි ඉතිරෙන්නේ
අති ශෝභමාන රාත්රී
සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්රී
ගුම් ගුම් නද දී වී රාශී
රොනටා එතී සුමිහීරී ..//
බඹරුන්ගේ ගී නාදේ
දෙසවන් මා පිනවන්නේ ...//
මේ සුන්දර වූ හඳපානේ
අති ශෝභමාන රාත්රී
සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්රී ...//
හා හා මගෙ ගත වත රුසිරී
සොරකම් කරාලා සැරසී ....//
කැඩපතෙහී තුළ සැඟවී
ඉඟි කරනා සුකුමාරී ...//
තී කවුරුද මා ලෙස සම වී
අති ශෝභමාන රාත්රී
සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්රී...//
ගායනය - ලතා වල්පොල
පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ මාතලන් චිත්රපටියෙනි.
මුල් ගීය
නව ගායනයක් (මෙහි දම් පැහැයෙන් දක්වා ඇති කොටස් නැත.)
No comments:
Post a Comment