සිංහල චිත්‍රපටි ගීත

Monday, May 13, 2019

පුන් සඳ එළියයි

පුන් සඳ එළියයි ලෙල මඳ සුළඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයාගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි .....//

සඳ රැස් සිඹ සිඹ සැනසෙන පිරිසිදු සුදු වැලි පියවිල්ලයි
ලලයි ලයි සුදු වැලි පියවිල්ලයි

රන්තරු වැල් වැල් අතරින් දිළිසෙන පුළුන් වලා වියනයි
නනයි යි පුළුන් වලා වියනයි

පුන් සඳ එළියයි ලෙල මඳ සුළඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයාගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

සිය මනමාලිට කොහා තුරුල් වී කොහෝ කොහෝ හඬලයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි

මී අඹ ලඹ දෙන කොළ යහනේ යුවල නිදා ගනිතෙයි
තෙතෙයි තෙයි යුවල නිදා ගනිතෙයි

පුන් සඳ එළියයි ලෙල මඳ සුළඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයාගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි .....//

ගායනය - ලතා වල්පොල සහ පිරිස
පද - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත
සංගීතය - ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.

(ගීයේ පද මුල් ගීයට අනුවයි.)

මුල් ගීය



පසු කලෙක කළ ගායනයක්

No comments:

Post a Comment