සිංහල චිත්‍රපටි ගීත

Friday, May 24, 2019

පුරුතුගාලෙ ඈත රටින්

පුරුතුගාලෙ ඈත රටින්
ඇවිත් හදපු බලකොටුවල
උන්නු අයත් සිංදු කිව්ව සිලෝන් එකට
පාන් කකා වයින් බිබී
රැඟුම් තාල වලින් කියපු
කපිරිඤ්ඤා මතක් වෙනව තාමත් අපට ....//

මගෙ උඩරට සුදු මැණිකෙව මම යන්නම් කැන්දාගෙන
පබළු මැණික් මාල හතක් ගෙලේ බඳින්නම් නැකතට
දමල වළලු අත් දෙකටම ඇඟේ ඔතල මල් ඔසරිය
අගේ මවා ගෙනියන තුරු ආසාවේ බැහැනෙ ඉන්න

පුරුතුගාලෙ ඈත රටින්
ඇවිත් හදපු බලකොටුවල
උන්නු අයත් සිංදු කිව්ව සිලෝන් එකට
පාන් කකා වයින් බිබී
රැඟුම් තාල වලින් කියපු
කපිරිඤ්ඤා මතක් වෙනව තාමත් අපට

ආලවන්තකම හින්දම දෙන්න ඉන්න එක හෙවනක
අස්ස රථේ අරන් එනවඑක්කං යන්නට මැණිකෙව
ඊට පස්සෙ ඇහැළ මහට බලන්න යමු රජ පෙරහැර
අපි දෙන්න එක්වුණු බව දැනගනීවි රට එතකොට

පුරුතුගාලෙ ඈත රටින්
ඇවිත් හදපු බලකොටුවල
උන්නු අයත් සිංදු කිව්ව සිලෝන් එකට
පාන් කකා වයින් බිබී
රැඟුම් තාල වලින් කියපු
කපිරිඤ්ඤා මතක් වෙනව තාමත් අපට ////.

ගායනය - කීර්ති පැස්කුවල්
පද - හේමසිරි හල්පිට
නාද සිත්තම හා සංගීත සංකලනය - කීර්ති පැස්කුවල්

2 comments:

  1. me sinduwa download karanna link ekak denna

    ReplyDelete
    Replies
    1. අඩවියේ යාවත්කාල කිරීම් හා වෙනත් පිළිසකර කිරීම් හේතුවෙන් මේ පිළිතුරු පමා වීම ගැන සමාවන්න.
      ඔබේ gmail (google විද්යුත් ලිපිනය එවන්න. එවිට පෞද්ගලිකව ගීය දෙන්නම්. ප්‍රසිද්ධියේ download link එක දිය නොහැකියි. කිහිප දෙනෙකුගේ නොමනා ක්‍රියා නිසා, දී තිබූ යම් අවසරයන් අත්හිටවනු ලැබුවා.)

      Delete