සිංහල චිත්‍රපටි ගීත

Monday, July 22, 2019

මගෙ සුදු මාමේ


කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා


මගෙ සුදු මාමේ
මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ //

ගහෙන් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් බල බල තලන්නා ..//

මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා

මගෙ සුදු මාමේ
මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ //

ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහලු අයටයි ඔබින්නේ ...///

විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ

මගෙ සුදු මාමේ
මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ //

කිතුල් මල් කපා තෙලිදිය බාන්නා
රුහුණෙ මීකිරට පැණි නිපදවන්නා ...//

රසැති කිතුල් පොල් හකුරු ද සදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා

මගෙ සුදු මාමේ
මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ ///

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - සුසිල් සේනාධීර
තනුව - සී.ටී. ප්‍රනාන්දු


පැරණි ගීය

 

නව ගීය

සී.ටී. ප්‍රනාන්දු මහකාේ තනුවට ක්‍රිස්ෝෆර් ෝල් ඉංග්‍රීසි බසින් ගීයක් ගයා ඇති අතර
 තවත් ගායකයෙක් ද්‍රව්ඪ බසින් ගීක් ගයා තිබෙනවා.


ඉංග්‍රීසි ගීය හා ද්‍රව්ඪ ගීය

No comments:

Post a Comment