ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට
බාල මස්සිනේ ...//
වෙන තැනකට හිත ගියාට
නුඹ මා ළඟ නැතිවුණාට ...//
මාලිත්තන් කවි කියාවි කෝපි මල් කැලේ
මාලක්කන් හැඩ වැටේවි නුවර පෙරහැරේ
ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට
බාල මස්සිනේ
එක හිතකින් නැතිවුණාම
බහ මායිම් වෙන්නෙ කෝම ...//
ආයිත්තම් ගැලවුණාම පාට සේලයේ
ආයෙත් නම් මා සොයාන නේන් මස්සිනේ
ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට
බාල මස්සිනේ
ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට
ගායනය - නිරෝෂා විරාජිනී
පද - සිසිර දිසානායක
තනුව - කසුන් කල්හාර
Aalissan Katha Bahata - Nirosha Virajini
No comments:
Post a Comment