ඇඟිලි තුඩුයි ගල් කටුවයි
බුදු බැතියයි එක්වෙලා
මහ ගල්කුළු බිඳගෙන එයි
සම්බුදු ගුණ ගල ගලා ...//
පාරමිතා රැළි දිදී
සලකුණු එයි ඇදි ඇදී ...//
පන්හිඳකුයි තල්පතකුයි
හුරු අතකුයි එක්වුණා ....//
කෝටි ගණන් නෙක් හදවත්
නිවන් මඟට යොමු වුණා
නිවන් මඟට යොමු වුණාදහම් රසය හා වෙලී
කලා රසය දෙයි රැළී ...//
ඇඟිලි තුඩුයි ගල් කටුවයි
බුදු බැතියයි එක්වෙලා
මහ ගල්කුළු බිඳගෙන එයි
සම්බුදු ගුණ ගල ගලා
කහ සිවුරයි පහන් බවයි
බුදු ගුණයයි එති එතී ....//
පිළිවෙත් මඟ ගඟකි ගලන
මොක් සයුරට නොනැවතී
මහ සඟ පෙළ පා සෙනේ
හොබවති බුදු සාසනේ ...//
ඇඟිලි තුඩුයි ගල් කටුවයි
බුදු බැතියයි එක්වෙලා
මහ ගල්කුළු බිඳගෙන එයි
සම්බුදු ගුණ ගල ගලා
ජීවිතයයි මල් පොකුරයි
පහන් සිලයි වටවෙලා ...//
බෝ මැදුරයි බෝ මළුවයි
හඳපානට ඔද වෙලා
වෙසක් දිනය මේ ලොවේ
දෙයි සිත සැනසිලි සුවේ ....//
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
සංගීත අදියුරු - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments:
Post a Comment