සිංහල චිත්‍රපටි ගීත

Sunday, April 19, 2020

රන්බණ්ඩේ රන්මැණිකේ

රන්බණ්ඩේ රන්මැණිකේ
පිරෙනවාද මුට්ටි පුරා මහ කිතුලේ මලේ කඳුළු
පිපෙනවාද තාමත් සත්කෝරලයේ සමන් කැකුළු
රන්බණ්ඩේ රන්මැණිකේ

ගම්මානෙන් නුවරට එන මහ පාලම බිඳ දමන්න //
මං ආසයි හැමදාමත් මං හිටි මගෙ ගම දකින්න //
රන්බණ්ඩේ රන්මැණිකේ

ගොඩේ ඉඳන් හැන්දෑවට වාරං කීවා මතකයි //
ගමේ මතක මට තාමත් සමන් පිච්ච මල් සුවඳයි //

රන්බණ්ඩේ රන්මැණිකේ
පිරෙනවාද මුට්ටි පුරා මහ කිතුලේ මලේ කඳුළු
පිපෙනවාද තාමත් සත්කෝරලයේ සමන් කැකුළු
රන්බණ්ඩේ රන්මැණිකේ
රන්බණ්ඩේ රන්මැණිකේ

රන්බණ්ඩේ ....
රන්මැණිකේ .....

රන්බණ්ඩේ ....
රන්මැණිකේ .....

ගායනය - ගුණදාස කපුගේ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ගුණදාස කපුගේ

No comments:

Post a Comment