සිංහල චිත්‍රපටි ගීත

Wednesday, May 13, 2020

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්


ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක් ...//

සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා ...//
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්රාර්ථනා බිඳ දා ගෙනා

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක්

පිපි මල් මතින් පියමං කළෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන් ...//
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක් ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

පැරණි ගීය


නව ගායනයක්

ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 1982 "සඳකඩ පහන" කැසට් පටයට ඇතුළත් වුණා. 1998 "නව රිද්ම ගී සොළොස" කැසට් පටය හා සංගත තැටියටත්,  2003 දී නිකුත්වූ "Best of Sunil 2" සංගත තැටියට ඇතුළත් වුණා.


No comments:

Post a Comment