සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා ...//
යෝග්‍ය වූ කාලේ නොමඳ ප්‍රේමෙනී //
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මව් පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
ආයුෂ වර්ණා
සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා ...//
ගෙන දේ, සංකා නෑ මෙලොවේ දී //
ආදරයෙන් පිදුමා (ආ.. ආ.. ආ.....)
කුල දෙටුවන් සෑමා
මව් පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාලේ ...//
වැඩ සෑදේවී ඉන් දෙලොවේ හී //
කටයුතු සංග්‍රහයෙන් පුදව්
කුල දෙටුවන් සෑමා
මව් පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමඳ ප්‍රේමෙනී
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මව් පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
ගායනය - කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ
පද - වින්සන්ට් සෝමපාල
තනුව - කමල් දාස්ගුප්ත
නවසිය තිස් ගණන් වල දී හිස්මාස්ටර්ස් වොයිස් තැටියකට අංක HMV N. 16017 යටතේ, ජුතිකා රෝයි සමග කමල් දාස්ගුප්ත ගායනා කළ, Bharat Meri Janmabhoomi යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීය..
HMV N. 16017
No comments:
Post a Comment