සිංහල චිත්‍රපටි ගීත

Sunday, November 2, 2025

ජීවන සැප ශ්‍රී පානා

හෝ..(ඔඔ ඕ..) ජීවන සැප ශ්‍රී පානා

හෝ..(ඔඔ ඕ..) ජීවන සැප ශ්‍රී පානා


කරුණාධාරී සාධු ජනාගේ..(එඑ ඒ...) //

මෛත්‍රිය සෝබන සොමි ගුණ පානා...


ලෝකේ වාසී ප්‍රීතිය සාදා

සැපත් සැදේ මුළු ජීවිත කාලේ //


මනු ලෝකේ මේ ප්‍රීති නිධානේ...

ලබනා සාධු ජනාටා (ආ ආ ආ...)


ජීවන සැප ශ්‍රී පානා

හෝ..(ඔඔ ඕ..) ජීවන සැප ශ්‍රී පානා


සිත ඇතුළේ හී මෛත්‍රිය සන්දා

මුහුණේ පරදයි චන්ද්‍රා

සිරි දෙයි රම්‍යා ....//


ආභරණේ සේ දීප්තිය පානා (ආආආආ..

මේ රූපේ ශ්‍රී විහිදාලා


ජීවන සැප ශ්‍රී පානා

හෝ..(ඔඔ ඕ..) ජීවන සැප ශ්‍රී පානා


සෑම දෙනා වෙත කරුණා පාලා මේ  පරලෝ මේ ලෝ කීර්ති දිනා යාවී ....//


ශාන්ත ගුණේනී සාදර සිතිනා

මෛත්‍රිය සාධු ජනාටා


ජීවන සැප ශ්‍රී පානා

හෝ..(ඔඔ ඕ..) ජීවන සැප ශ්‍රී පානා


ගායනය - රුක්මණී දේවි

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා

තැටි  අංකය  - WN. 516

(His Master's Voice)


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ වෙනත් ඉන්දීය ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


No comments:

Post a Comment