සිංහල චිත්‍රපටි ගීත

Saturday, November 8, 2025

මා පාද චාරී

මා පාද චාරී

මා පාද චාරිකාවකී ස්වාමි 

ඔබ පාද සේවා ධර්මෙකී මාගේ 

මා පාද චාරී


ඔබ මා ප්‍රාණෙහි ප්‍රේම නිධානේ //

ප්‍රේමාලෝකේ මා ප්‍රේම විමානේ //


දේව රජා ප්‍රේම පූජාසනේ මා //


ඔබ පාද සේවා පූජා ධර්මෙකි මාගේ

මා පාද චාරී


පරම ගුරුපති පරම නිධානේ //

පරමෝත්තම හිමි ප්‍රාණ සමානේ //

ලෝ ඇති සැම දේ ඔබ පමණක් වේ //

පති පා සේවා පූජා නාරී දහම වේ

මා පාද චාරී


ගායනය - ෆ්‍රෙක්සිඩ් ප්‍රනාන්දු

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1940 දී භාරතයේ තිරගතවූ "සින්දගී" හින්දි චිත්‍රපටියට Arona ගායනා කළ Aaj milaa hai aaj milaa hai bichhadaa saajan ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


1951 දී තිරගතයූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.




හින්දි ගීතය

Title - Aaj milaa hai aaj milaa hai bichhadaa saajan

Vocals - Arona

Lyricist - Kidar Sharma or Arzoo Lucknowi

Music Composer - Pankaj Mullick

Movie - Zindagi (1940)


No comments:

Post a Comment