සිංහල චිත්‍රපටි ගීත

Sunday, November 2, 2025

කාලෙත් ආලෙත් එකට පෙරළිලා

කාලෙත් ආලෙත් එකට පෙරළිලා

කාරේ බඳින්ට සිතලා

යමි ගෑණිව නොබලා


මගෙ කාලෙත් ආලෙත් එකට පෙරළිලා

කාරේ බඳින්ට සිතලා

යමි ගෑණිව නොබලා


ගේ දොර බලලා මම කැමැත්ත දෙනවා //


ගෑණි කැත වුණත් 

අද නම් එන්නෙ බැඳලමයි ...//


මගෙ කාලෙත් ආලෙත් එකට පෙරළිලා

කාරේ බඳින්ට සිතලා

යමි ගෑණිව නොබලා


දෑවැද්දක් ලැබෙයි ද මට

පොල් වත්තක් දේවි ද මට

කටයුත්තක් වේවි ද මට

කාලේ නම් හොඳයි


දෑවැද්දක් (හූ.. හූ.. හූ..

⁣පොල් වත්තක් (හී.. හී.. හී..

කටයුත්තක් (හී.. හී.. හී..

ගුටි නොකා ඉඳිව්


ඕල් රයිට් ඒව හරී

නොලැබුණත් හොඳයි....//


කොහොම වුණත් ගෑණිව අද

බඳින එක බඳිනවමයි....//


ඒක නිසා මේ යනව ගෑණිව නොබලා

මම ඒක නිසා මේ යනව ගෑණිව නොබලා


මගෙ කාලෙත් ආලෙත් එකට පෙරළිලා

කාරේ බඳින්ට සිතලා

යමි ගෑණිව නොබලා ....//


ගායනය - එඩී ජයමාන්න

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.


No comments:

Post a Comment