සිංහල චිත්‍රපටි ගීත

Saturday, November 8, 2025

ස්වාමී ඔබ මගෙ බුදුපියානේ

ස්වාමී ඔබ මගෙ බුදුපියානේ
ස්වාමී ඔබ මගෙ බුදුපියානේ

සත්තකමයි ඔබ පෙර ආත්මේහී

කුස රජ වී ඉපිද කුස නගරේහී

ඒ ප්‍රභාවතී දේවි නිසා ඒ

විඳි දුක අපමණ නේද පියේ

ස්වාමී ඔබ මගෙ බුදුපියානේ


ලෝ සතාටා ඒ ධර්මෙ කියා දී 

සංසාරේහී සත සුචරිතෙහී 

යොදවා අන්තේ නිර්වා⁣ණේහී 

මාර්ගය පෙන්වූ මෑණියනේ

ස්වාමී ඔබ මගෙ බුදුපියානේ


මා සැමියට ඒ නිර්මල ධර්මේ

තෝරා දෙන්න වඩිනු මැන ස්වාමී

ජීවමාන වී වඩින්න ස්වාමී

ජීවමාන වී වඩින්න ස්වාමී

වඩින්න ඔබ මගෙ බුදුපියනී


ගායනය - ෆ්‍රෙක්සිඩ් ප්‍රනාන්දු

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


තනුව, ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගෙන ඇත.



මෙම ගීය විශාරද යමුනා විනෝදනී මහත්මිය විසින් ද ගායනා කර ඇත.

No comments:

Post a Comment