සිංහල චිත්‍රපටි ගීත

Sunday, December 21, 2025

පුන් සඳ පායා නීල ගුවන් හී



පුන් සඳ පායා නීල ගුවන් හී
සෞම්‍ය කාන්තී ප්‍රභා විදාරී ...//


නිසංගනා ඒ

නිසංගනා ඒ ප්‍රීති ප්‍රහාරේ

වැඩෙයි උදම් ප්‍රබෝධ වේවී


සුගන්ධ විහිදා සමන් ලතා ඒ

චන්දන වෘක්ෂේ වෙළී වසන්තේ ....//


සුපූර්ණ චන්ද්‍රා නිලම්බරේ හී

වලාකුළින් එබි එබී බලන්නී....//


චම්පක මාලා නො හිම් සුගන්ධේ

ශ්‍රී විහාදාවී උද්‍යාන රාත්‍රී ....//


ස්වභාව ධර්මේ සේ මෙම ලෝකේ

දර්ශන වේවී ගිම්හාන කාලේ....//


පුන් සඳ පායා නීල ගුවන් හී
සෞම්‍ය කාන්තී ප්‍රභා විදාරී


ගායනය - රුක්මණී දේවි

පද - අඥාතයි

තනුව - කාසි නස්රූල් ඉස්ලාම්

සංගීතය - එච්.ඩබ්. රූපසිංහ


1936 දී සකීනා බෙගම් විසින් ගායනා කරනු ලැබූ Allaho Amar Swami නම් වංග භක්ති ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මෙය රුක්මණී දේවියගේ තැටියට නැගුණු ප්‍රථම කේවල ගීයයි. (1938)

හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක N. 9375




තනුව උපුටා ගත් වංග ගීය

Song - Allaho Amar Swami
Singer - Sakina Begum

Composer - Kazi Nazrul Islam

Lyricist - Kazi Nazrul Islam


No comments:

Post a Comment